සූරා 17 · ජුස් 15
Al-Isra · 17:100
قُلْ لَوْ أَنْتُمْ تَمْلِكُونَ خَزَائِنَ رَحْمَةِ رَبِّي إِذًا لَأَمْسَكْتُمْ خَشْيَةَ الْإِنْفَاقِ ۚ وَكَانَ الْإِنْسَانُ قَتُورًا
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට නුඹලා දිළිඳුභාවයට බිය ව (කිසිවක් වියදම් නොකොට) නුඹලා රඳවා ගන්නෙහුය. තවද මිනිසා මසුරු විය.
තෆ්සීර්
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. ‘කිසිදා නිම නොවන, නැති නොවන මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩාවන් නුඹලා සතුව තිබුණේ නම්, නුඹලා දිළිඳුභාවයට පත් නොවන සේ ඒවා රඳවා තබා ගනිමින් ඒවා අහිමි වීමට බියෙන් ඒවා වියදම් කිරීමෙන් නුඹලා වැළකී සිටිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නෙකු වී නම් මිස සැබැවින්ම මිනිසා මසුරෙකු වීම ඔහුගේ ස්වභාවයයි. දෙවියන් විශ්වාස කරන්නා අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් වියදම් කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න