සූරා 17 · ජුස් 15
Al-Isra · 17:101
وَلَقَدْ آتَيْنَا مُوسَىٰ تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ ۖ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءَهُمْ فَقَالَ لَهُ فِرْعَوْنُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَىٰ مَسْحُورًا
තවද සැබැවින්ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ ! මූසා, නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේය.
තෆ්සීර්
මූසාට සාක්ෂි වශයෙන් පැහැදිලි සාධක නවයක් සැබැවින්ම අපි ඔහුට පිරිනැමුවෙමු. එනම් සැරයටිය, අත, වසරවල්, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදියයි. මෙම ප්රාතිහාර්යයන් තම මුතුන් මිත්තන් වෙත මූසා ගෙන ආ අවස්ථාව ගැන යුදෙව්වන්ගෙන් විමසා සිටිනු. එවිට ෆිර්අවුන් ඔහුට, "අහෝ මූසා! නුඹ ගෙන ආ දුර්ලභ දෑ හේතුවෙන් සැබැවින්ම ඔබ හූනියම් කරනු ලැබූ මිනිසෙකු ලෙස සිතමි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න