සූරා 17 · ජුස් 15
Al-Isra · 17:102
قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنْزَلَ هَٰؤُلَاءِ إِلَّا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ بَصَائِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَوْنُ مَثْبُورًا
මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපති මිස (වෙනත් කිසිවකු) පහළ නොකළ බව සැබැවින්ම නුඹ දන්නෙහිය. තවද අහෝ ! ෆිර්අවුන්, නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.
තෆ්සීර්
මූසා ඔහුට පිළිතුරු වශයෙන්, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම මෙම ප්රාතිහාර්යයන් පහළ කළේ අහස්හි හා මහපොළොවේ පරමාධිපති වන අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවන බව නුඹ තරයේම දන්නෙහිය. ඔහු ඒවා ඔහුගේ බලය හා ඔහුගේ දූතයාණන්ගේ සත්යතාව පෙන්වා දෙන සාධක ලෙස පහළ කර ඇත. එනමුත් නුඹ එය ප්රතික්ෂේප කරන්නෙහිය. අහෝ ෆිර්අවුන්! සැබැවින්ම නුඹ විනාශ වී යන පරාජිතයෙකු බව සැබැවින්ම මම දනිමි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න