සූරා 17 · ජුස් 15

Al-Isra · 17:98

ذَٰلِكَ جَزَاؤُهُمْ بِأَنَّهُمْ كَفَرُوا بِآيَاتِنَا وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

එය සැබැවින්ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැයි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි.

තෆ්සීර්

එය අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ද, "අප මිය ගොස් අප දිරාපත් වූ අස්ථි බවට හා සුන්බුන් බවට පත් වූ විට ඉන්පසු අප නව මැවීමකින් යළි අවදි කරනු ලබන්නෙම්දැ?"යි විමසමින් නැවත නැගිටුවනු ලැබීම ගැන දුරස්භාවය ඇති කර ගනිමින් ඔවුන් කළ ප්රකාශය හේතුවෙන් ද ඔවුනට ප්රතිවිපාක වශයෙන් ඔවුන් මුහුණ දෙන දඬුවමයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න