සූරා 17 · ජුස් 15
Al-Isra · 17:97
وَمَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُمْ أَوْلِيَاءَ مِنْ دُونِهِ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا ۖ مَأْوَاهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا
තවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් (අල්ලාහ් වන) ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නොදකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු.
තෆ්සීර්
අල්ලාහ් කවරෙකුහට යහමග වෙත ආශිර්වාද කරන්නේ ද සැබෑ ලෙසින් යහමග ලබන්නා ඔහුය. කවරෙකු ඔහු එයින් පහත් කොට නොමග යන්නට ඉඩ හැරියේ ද අහෝ දූතය! ඔවුන් වෙනුවෙන් ඔවුනට සත්ය වෙත මග පෙන්වන, හානියෙන් ඔවුන් වළක්වන, ඔවුනට සෙත සලසන භාරකරුවන් කිසිවෙකු නුඹ නොදකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු මත ආවරණය කරනු ලැබ කිසිවක් බැලිය නොහැකි, කිසිවක් කතා කළ නොහැකි, කිසිවකට සවන් දිය නොහැකි තත්ත්වයේ අපි ඔවුන් රැස් කරන්නෙමු. ඔවුන් යොමු වන ස්ථානය නිරයයි. එහි ගිනි දැල් පවතින සෑම කල්හිම ඔවුන් දැවී යාම අපි වැඩි කරන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න