සූරා 17 · ජුස් 15

Al-Isra · 17:96

قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්ත නිරීක්ෂකයා විය යැයි නුඹ පවසනු.

තෆ්සීර්

"සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු යන්නට මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. සැබැවින්ම කවර කරුණක් නුඹලා වෙත එවනු ලැබ ඇත්තේ ද එය මා නුඹලා වෙත දන්වා සිටියෙමි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් සර්වප්රකාරයෙන් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ සැඟ වී ඇති සියලු දෑ ගැන ඔහු අධීක්ෂණය කරන්නාය." යැයි අහෝ දූතය! නුඹ පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න