සූරා 17 · ජුස් 15
Al-Isra · 17:95
قُلْ لَوْ كَانَ فِي الْأَرْضِ مَلَائِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِمْ مِنَ السَّمَاءِ مَلَكًا رَسُولًا
මහපොළොවේ තැන්පත් ව ගමන් කරන මලක්වරුන් වී නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන්ම මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය !) නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! ඔවුනට පිළිතුරු වශයෙන්, "නුඹලාගේ තත්ත්වයේ මහපොළොවේ පදිංචි ව සිටින එහි තැන්පත්ව සැරිසරන මලක්වරුන් එහි සිටියේ නම් ඔවුන්ගේම වර්ගයා අතරින් මලක්වරයෙක් දූතයකු සේ අප එවන්නට තිබුණි. එවනු ලබන දෑ ඔවුනට වටහා දෙන්නට ඔහු හැකියාව ලබනුයේ එවිටය. එවන් තත්ත්වයක මිනිස් වර්ගයා අතරින් දූතයකු ඔවුන් වෙත අප එවීම ප්රඥා සහගත කරුණක් නොවනු ඇත. නුඹලාගේ තත්ත්වය ද එලෙසමය." යැයි නුඹ පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න