සූරා 17 · ජුස් 15
Al-Isra · 17:94
وَمَا مَنَعَ النَّاسَ أَنْ يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ إِلَّا أَنْ قَالُوا أَبَعَثَ اللَّهُ بَشَرًا رَسُولًا
ජනයා වෙත යහ මග පැමිණි විට ඔවුහු විශ්වාස කිරීමෙන් ඔවුන් ව වැළැක්වූයේ අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකු එව්වේදැයි විමසීම මිස (වෙනකක්) නොවීය.
තෆ්සීර්
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීමෙන් හා එම දූතයා ගෙන ආ දෑ පිළිපැදීමෙන් දෙවියන් ප්රතික්ෂේප කළවුන් වළක්වාලීයේ එම දූතයා මිනිස් වර්ගයාගෙන් කෙනකු වීම ගැන හෙළා දැකීම මිස වෙනකක් නොවීය. ඔවුහු එසේ හෙළා දකිමින්. "අප වෙත අල්ලාහ් පහළ කර ඇත්තේ මිනිස් දූතයෙකු ද?" යැයි විමසා සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න