සූරා 17 · ජුස් 15
Al-Isra · 17:93
أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِنْ زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَنْ نُؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَقْرَؤُهُ ۗ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنْتُ إِلَّا بَشَرًا رَسُولًا
නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබිය යුතුය. නැතහොත් අහසට නුඹ නැග යා යුතුය. නුඹ අප වෙත ග්රන්ථයක් පහළ කොට එය අපි කියවන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින්ම අපි විශ්වාස නොකරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙම්දැයි (නබිවරය !) නුඹ විමසනු.
තෆ්සීර්
එසේ නැතහොත් රනින් හා වෙනත් වටිනා වස්තුවලින් අලංකාරය කරන ලද නිවසක් නුඹට විය යුතුය. එසේ නැතහොත් අහසට නුඹ ආරෝහණය විය යුතුය. එසේ නුඹ ආරෝහණය වුවද සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් බව අප කියවා දැන ගන්නා ලිඛිත ලේඛනයක් අල්ලාහ් වෙතින් පහළ වූයේ නම් හැර සැබැවින්ම නුඹ අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ දූතයකු ලෙස අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "මාගේ පරමාධිපති සුවිශුද්ධය. සෙසු දහම් දූතයින් මෙන් මා ද මිනිස් දූතයකු මිස වෙනත් කෙනෙකු විය හැකි ද? කිසිවක් ගෙන එන්නට මට අයිතියක් නැත. නුඹලා යෝජනා කරන දෑ ගෙන එන්නට මාහට හැකි වන්නේ කෙසේද?"
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න