සූරා 17 · ජුස් 15
Al-Isra · 17:9
إِنَّ هَٰذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا
නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසවන්තයින් වනාහි, සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි.
තෆ්සීර්
නියත වශයෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය වඩාත් නිවැරදි මග පෙන්වා දෙයි. එය ඉස්ලාමයේ මගයි. තවද අල්ලාහ්ව විශ්වාස කරන දැහැමි ක්රියාවන් සිදු කරන්නන් හට ඔවුන් සතුටු වන දෑ එය ඔවුනට දන්වා සිටියි. එය සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් තිළිණයක් ඇති බවට වූ ශුභාරංචියයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න