සූරා 17 · ජුස් 15
Al-Isra · 17:8
عَسَىٰ رَبُّكُمْ أَنْ يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدْتُمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا
නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව පෙන්විය හැක. තවද නුඹලා නැවත හැරුණේ නම් අපි ද හැරෙන්නෙමු. තවද දේව ප්රතික්ෂේපකයින්ට නිරය සිර ගෙයක් බවට අපි පත් කළෙමු.
තෆ්සීර්
අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලා පාපක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත යොමු වී, නුඹලාගේ ක්රියාවන් ද යහපත් කර ගත්තේ නම් එම බිහිසුණු ප්රතිචාරයෙන් පසු ව අල්ලාහ් නුඹලාට කරුණාව පුදන්නට පුළුවන. තුන්වන වරට හෝ තවත් අධික වාර ගණනාවක් නුඹලා එසේ කලහාකරී ලෙස නැවත හැසිරෙන්නේ නම් නැවතත් අපි එසේ බිහිසුණු ලෙස නුඹලාට ප්රතිචාර දක්වන්නෙමු. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුනට නිරය ඇතිරිල්ලක් හා යහනක් බවට පත් කරන්නෙමු. ඔවුනට එයින් මිදී යා නොහැක.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න