සූරා 17 · ජුස් 15

Al-Isra · 17:7

إِنْ أَحْسَنْتُمْ أَحْسَنْتُمْ لِأَنْفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ لِيَسُوءُوا وُجُوهَكُمْ وَلِيَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُوا مَا عَلَوْا تَتْبِيرًا

නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ටය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයටමය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් නරක් කිරීමටත් ඔවුන් එහි මුල් වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත් ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන් ව එවන්නෙමු.)

තෆ්සීර්

අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ ක්රියාවන් නුඹලා යහපත් ලෙස ඉටු කර, අපේක්ෂා කරන අයුරින් ඒවා ගෙන එන්නේ නම් ඒ සඳහා වූ ප්රතිඵල නුඹලා වෙත නැවත එනු ඇත. නුඹලාගේ ක්රියාවන් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. නුඹලාගේ ක්රියාවන් නරක අයුරින් සිදු කළේ නම් එහි විපාකය නුඹලාට එරෙහිව පිහිටනු ඇත. නුඹලාගේ දැහැමි ක්රියාවන් ඔහුට සෙත නොසලසන අතර නපුරු ක්රියාවන් ඔහු ට හානිය අත් කර දෙන්නේ ද නැත. දෙවන කලහකාරී තත්ත්වය හට ගැනුනු විට නුඹලාව අවමානයට පත් කරනු පිණිස නුඹලාගේ සතුරන් නුඹලා මත ආධිපත්යය දරන්නට සලස්වන්නෙමු. නුඹලාට විවිධ ආකාරයේ අවමානයන්ගෙන් විඳවන්නට සලසන්වනු පිණිස ඔවුහු නුඹලා ඉදිරියේ හෙළිපිටම එම නපුරුකම් සිදු කරනු ඇත. බයිතුල් මක්දිසයට පිවිසෙනු ඇත. ඔවුහු එහි පිවිසුණාක් මෙන්ම ඔවුහු එය විනාශ කරනු ඇත. පළමු වතාවේත් ඔවුහු එය විනාශ කළෝය. එමෙන්ම ඔවුන් කවර දේශයක් අත්පත් කර ගන්නේ ද එය මුළුමණින්ම විනාශ කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න