සූරා 17 · ජුස් 15
Al-Isra · 17:6
ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا
පසු ව ඔවුනට එරෙහි ව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු. තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද අපි නුඹලා ව පිරිස් බලයෙන් අධික කළෙමු.
තෆ්සීර්
පසුව, අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලා අල්ලාහ් වෙත පාපක්ෂමාව ඇයැද ඔහු වෙත යොමු වූ විට නුඹලා මත ආධිපත්ය දැරුවන්ට එරෙහි ව ජය හා රාජ්ය බලයත් අපි නුඹලාට නැවත ලබා දුනිමු. ධන සම්පත්, කොල්ල කෑමට භාජනය වූ සම්පත් හා දරුවන් වහල්භාවයට පත් වූ පසු දරුවන් ද අපි අධිකව ලබා දුනිමු. නුඹලාගේ සතුරන්ට වඩා වැඩි ජනකායක් ලෙස අපි නුඹලාව පත් කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න