සූරා 17 · ජුස් 15
Al-Isra · 17:5
فَإِذَا جَاءَ وَعْدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ ۚ وَكَانَ وَعْدًا مَفْعُولًا
ඒ දෙකින් පළමු ප්රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහි ව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතර සොයා (නුඹලා ව) විනාශ කර දැමුවෝය. එය සිදු කරනු ලබන ප්රතිඥාවක් විය.
තෆ්සීර්
පළමු කලහකාරී තත්ත්වය ඔවුන් අතර හට ගැනුනු විට දැඩි ලෙස ග්රහණය කරන බලවත් පිරිසක් අපි ඔවුන් මත ආධිපත්යය දරන්නට සැලැස්වූයෙමු. ඔවුහු ඔවුන් ඝාතනය කළෝය. ඔවුන් අවතැන් කළෝය. ඔවුන් කවර කරුණක් මත යමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අර්බුධයට පත්ව ඔවුන්ගේ නිවෙස් අතරම ඇවිදිමින් සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න