සූරා 17 · ජුස් 15
Al-Isra · 17:4
وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
තවද අපි දේව ග්රන්ථයේ නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් උසස් වනු ඇතැයි ද අපි ඉස්රාඊල් දරුවන්ට තීන්දු කළෙමු.
තෆ්සීර්
සැබැවින්ම උඩඟුකම හා පාපක්රියා හේතුවෙන් මහපොළොවෙහි ඉස්රාඊල් දරුවන් අතර කලහකාරී තත්ත්වයන් දෙවතාවක් ඇති වන බවත්, ඔවුහු ජනයා අතර අපරාධ හා අසාධාරණකම් කොට ඔවුන් මත උදම් පෑමෙන් ඉක්මවා යමින් උසස් වන බවත් තව්රාතයේ අපි ඔවුනට තොරතුරු දන්වා දැනුම්වත් කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න