සූරා 17 · ජුස් 15
Al-Isra · 17:3
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا
නූහ් සමග අප ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන්ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය.
තෆ්සීර්
මහා ජලගැල්මෙහි ගිලීමෙන් නූහ් (අලයිහිස් සලාම්) තුමා හා ඔහු සමග සිටියවුන් මුදවා, ඔවුනට අප ආශිර්වාද කළ පරම්පරාවෙන් නුඹලා පැවත එන්නන්ය. එහෙයින් එම ආශිර්වාදය මෙනෙහි කර බලනු. අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින්, ඔහුට පමණක් යටත් වෙමින්, ඔහුට කෘතගුණ සලකනු. එහිදී නුහ් තුමාව නුඹලා පිළිපදිනු. සැබැවින්ම එතුමා අල්ලාහ්ට වඩාත් කෘතගුණ සලකන්නෙකු වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න