සූරා 17 · ජුස් 15

Al-Isra · 17:2

وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ أَلَّا تَتَّخِذُوا مِنْ دُونِي وَكِيلًا

තවද අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹලා මගෙන් තොර ව භාරකරුවකු නොගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු.

තෆ්සීර්

තවද අපි මූසා (අලෙයිහිස් සලාම්) තුමාට තව්රාතය පිරිනැමුවෙමු. එමෙන්ම අපි එය ඉස්රාඊල් දරුවන්ට යහමග පෙන්වන්නක් හා මග පෙන්වීමක් බවට පත් කළෙමු. අපි ඉස්රාඊල් දරුවන්ට: "නුඹලා මා හැර දමා නුඹලාගේ කටයුතු නුඹලා යොමු කරන වෙනත් කිසිවෙකු භාරකරුවකු වශයෙන් නොගනු. මා කෙරෙහි පමණක් සියල්ල භාරකරනු." යැයි පැවසුවෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න