සූරා 17 · ජුස් 15
Al-Isra · 17:1
سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තා ව එක් රාත්රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්රාවක. සර්ව නිරීක්ෂක.
තෆ්සීර්
අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් දැරිය නොහැකි දෑ මත ඉමහත් බලයක් ඔහු සතුව ඇති බැවින් අල්ලාහ් පිවිතුරුය, අති උත්කෘෂ්ඨය. අල්ලාහ් තම බලය පෙන්වා දෙන ඇතැම් ප්රාතිහාර්යයන් පෙන්වීම සඳහා හරම් දේවස්ථානයේ සිට නබිවරුන්ගේ වාසස්ථාන වන බවභෝග හා පළ වගාවන්ගෙන් අප සමෘද්ධිමත් කළ බයිත් අල් මක්දිස් දේවස්ථානය වෙත අවදිව, සුපරික්ෂාකාරීව, ශරීරික හා සජීවීව ඔහුගේ ගැත්තා වන මුහම්මද් ව රැගෙන ගියේය. සැබැවින්ම ඔහු සර්වශ්රාවකය. ශ්රවණයට වැකෙන කිසි දෙයක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සර්ව නිරීක්ෂකය. බැල්මට හසුවන කිසිදු දෙයක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න