සූරා 17 · ජුස් 15
Al-Isra · 17:79
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا
රාත්රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක(සලාත)යක් වශයෙන්ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹ ව මකාම් මහ්මූද් (හෙවත් ප්රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින්ම නුඹ ව නැගිටුවනු ඇත.
තෆ්සීර්
අහෝ දූතය! රාත්රියේ අවදි වී ඉන් කොටසක සලාතය ඉටු කරනු. නුඹේ එම සලාතය නුඹේ තරාතිරම උසස් වීමෙහි අමතර වශයෙන් පිහිටනු පිණිසත්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් මුහුණ දෙන අර්බුද සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නෙකු ලෙස නුඹ ව නුඹේ පරමාධිපති එදින අවදි කරවීමේ යහපත් බලපොරොත්තුව පිණිසත්ය. නුඹට පෙර සිටි මුතුන් මිත්තන් ද නුඹට පසුවූවන් ද ප්රශංසා කරන අයුරින් එම මහත් මැදිහත් වීමේ ස්ථානය නුඹට වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න