සූරා 17 · ජුස් 15

Al-Isra · 17:78

أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි අන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත් ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් සුබ්හු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි පවසනු ලබන්නක් විය.

තෆ්සීර්

අහස් උසින් හිරු අවරට යාමේ සිට පවතින කාලය තුළදී සලාතය එහි පූර්ණ ක්රමවේද අනුගමනය කරමින් ඉටු කරනු. එහි ලුහර් හා අසර් සලාත් ඇතුළත් වෙයි. එමෙන්ම රාත්රී අන්ධකාරය දක්වා ද සලාත් ඉටු කරනු. එහි මග්රිබ් හා ඉෂා සලාත් ඇතුළත් වෙයි. ෆජ්ර් සලාතය ඉටු කරනු එහි අල් කුර්ආනය දීර්ඝව පාරායනය කරනු. ෆජ්ර් සලාතය යනු එයට රාත්රියේ මලක්වරුන් හා දහවලේ මලක්වරුන් සහභාගී වන්නකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න