සූරා 17 · ජුස් 15
Al-Isra · 17:77
سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا
අපගේ රසූල්වරුන් අතුරින් නුඹට පෙර සැබැවින්ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නොදකිනු ඇත.
තෆ්සීර්
නුඹෙන් පසුව සුළු කාලයක් මිස ඔවුන් එසේ රැඳී නොසිටීමේ එම න්යාය වනාහි නුඹට පෙර දූතවරුන් විෂයයෙහි එසේ ස්ථාවර කරන ලද අල්ලාහ්ගේ පිළිවෙතය. එනම් කවර දූතයකු ඔහුගේ සමූහයා අතර සිටියදී ඔවුන් විසින් ඔහුව පිටුවහල් කළේ ද, ඉන් පසුව අල්ලාහ් ඔවුනට දඬුවම පහළ කර තිබීමය. අහෝ දූතය! අපගේ එම පිළිවෙත වෙනස් කරන්නක් ලෙස නුඹ නොදකින්නේමය. එය ස්ථාවර හා ස්තීර දෙයක් ලෙස නුඹ දකිනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න