සූරා 17 · ජුස් 15
Al-Isra · 17:76
وَإِنْ كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًا لَا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا
නුඹ ව මෙම භූමියෙන් පිටමං කරනු පිණිස එයින් නුඹ ව පලවා හරින්නට ඔවුන් තැත් කළ ද එවිට ඔවුහු නුඹෙන් පසු ව මද කලක් මිස රැඳී නොසිටිනු ඇත.
තෆ්සීර්
දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ සතුරුකම හේතුවෙන් ඔවුන් නුඹ ව මක්කාවෙන් පිටුවහල් කිරීම සඳහා නුඹට කරදර කිරීමට සැබැවින්ම තැත් කළෝය. නමුත් හිජ්රත් කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණෙන තෙක් නුඹ එයින් පිටුවහල් කිරීමෙන් අල්ලාහ් ඔවුන් වැළැක්විය. ඔවුන් එසේ නුඹ ව පිටුවහල් කර තිබුණේ නම් නුඹ ඉන් නික්ම යෑමෙන් පසු ඔවුන් සුළු කාලයක් මිස රැඳී නොසිටිනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න