සූරා 17 · ජුස් 15
Al-Isra · 17:75
إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا
එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසු ව නුඹ අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු නොදකිනු ඇත.
තෆ්සීර්
ඔවුන් කරන යෝජනාවන්හි නුඹ ඔවුන් වෙත නැඹුරු වූයෙහි නම්, මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොව ජීවිතයෙහි ද දඬුවම ගුණ කරමින් අපි නුඹට දඬුවම් කරන්නෙමු. පසු ව නුඹට උදව් කරන, නුඹගෙන් දඬුවම වළක්වාලන කිසිදු උදව්කරුවකු නුඹට නොවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න