සූරා 17 · ජුස් 15
Al-Isra · 17:72
وَمَنْ كَانَ فِي هَٰذِهِ أَعْمَىٰ فَهُوَ فِي الْآخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا
තවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ.
තෆ්සීර්
මෙලොව ජීවිතයේදී සත්ය පිළිගැනීමෙන් ද ඒ වෙත යොමුවීමෙන් ද තම හදවත් අන්ධවූවන් ලෙස කටයුතු කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණු අන්ධයෙකු බවට පත් වනු ඇත. ස්වර්ගයට යන මාර්ගය වෙත මඟ පෙන්වනු නොලැබේ. යහමගින් දැඩි සේ මුළාවී යයි. එසේ ප්රතිවිපාක හිමි වනුයේ ඊට අදාළ වූ ක්රියාවකින්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න