සූරා 17 · ජුස් 15
Al-Isra · 17:71
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ ۖ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَٰئِكَ يَقْرَءُونَ كِتَابَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا
සෑම ජන සමූහයක්ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමග අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. කීතුවක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නොලබති.
තෆ්සීර්
අහෝ දූතය! සෑම සමූහයක්ම ඔවුන් මෙලොවෙහි පිළිපදිමින් සිටි ඔවුන්ගේ නායකයා සමග පැමිණෙන මෙන් අප ඔවුන් ඇරයුම් කරන දිනය ගැන මෙනෙහි කර බලනු. ඔහුගේ ක්රියා ලේඛනය ඔහුගේ සුරතට පිරිනමනු ලැබූවන් ඉතා සතුටින් ඔවුන්ගේ ලේඛනය කියවති. ඔවුන්ගේ ප්රතිඵලවලින් කිසිවක්, එය රට ඉඳි කීතුවක ඇති නාරටිය තරම් ප්රමාණයෙන් කුඩා වුවද ඔවුනට අඩු කරනු නොලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න