සූරා 17 · ජුස් 15
Al-Isra · 17:70
۞ وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ مِمَّنْ خَلَقْنَا تَفْضِيلًا
තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන්ට ගරු කළෙමු. ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන් මහිමයට පත් කරමින් උසස් කළෙමු.
තෆ්සීර්
මිනිසුනට බුද්ධිය හා ඔවුන්ගේ පියාණන් ආදම්ට මලක්වරුන් සිරස නමන්නට සැලැස්වීමෙන් සැබැවින්ම අපි ඔවුන් ගෞරවයට පත් කළෙමු. ගොඩබිමේ ඔවුන් උසුලාගෙන යන සතුන් හා වාහන අපි ඔවුනට වසඟ කර දුනිමු. තවද සාගරයේ ඔවුන් උසුලාගෙන යන නැව් ද වසඟ කර දුනිමු. නැවුම් ආහාර පාන, විවාහ ගිවසුම් හා වෙනත් දෑ ද ඔවුනට අපි සම්පත් වශයෙන් පිරිනැමුවෙමු. අපගේ මැවුම් බොහෝමයකට වඩා අපි ඔවුන් ඉතා උසස් මට්ටමින් තබා ඔවුනට ගරු කළෙමු. එහෙයින් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාද සඳහා ඔවුන් ඔහුට කෘතඥ විය යුතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න