සූරා 17 · ජුස් 15
Al-Isra · 17:69
أَمْ أَمِنْتُمْ أَنْ يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِنَ الرِّيحِ فَيُغْرِقَكُمْ بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُوا لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا
එසේ නැතහොත් නුඹලා ව එහි නැවත වාරයක් ගෙන්වා නුඹලා වෙත චණ්ඩමාරුතයක් එවා නුඹලා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා ව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? පසු ව නුඹලා වෙනුවෙන් අපගෙන් ඒ ගැන විමසන්නට කිසිදු ලුහුබඳින්නෙකු නුඹලා නොදකිනු ඇත.
තෆ්සීර්
නුඹලා ව නැවත වාරයක් අල්ලාහ් සාගරයේ ගමන් කරන්නට සළස්වා පසුව පළමු වරට නුඹලා ව ඔහු මුදවා ගෙන ඔහු නුඹලාට කළ ආශිර්වාද නුඹලා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා වෙත දැඩි සුළි කුණාටුවක් එවා නුඹලා එහි ගිලෙන්නට සැලැස්වීම ගැන නුඹලා සුරක්ෂිතද? පසු ව අපි නුඹලා සිදු කළ හානිය ගැන නුඹලාට උපකාරයක් වශයෙන් අපෙන් පතන කිසිදු ප්රාර්ථිකයෙක් නුඹලා නොලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න