සූරා 17 · ජුස් 15
Al-Isra · 17:68
أَفَأَمِنْتُمْ أَنْ يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا لَكُمْ وَكِيلًا
ඔහු නුඹලා ව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත සුළී සුළඟක් යැවීමෙන් හෝ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? පසු ව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නොදකිනු ඇත.
තෆ්සීර්
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා ව මුදවා, ගොඩ බිම වෙත සේන්දු කළ අවස්ථාවේ එය නුඹලා ව බිඳ වට්ටා ගිල්වීමට අල්ලාහ් සැලැස්වීමෙන් නුඹලා සුරක්ෂිත ද? එසේ නැතහොත් ලූත්ගේ ජනයාට සිදු කළාක් මෙන් නුඹලා මත අහසින් ගල්වර්ෂාවක් පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? පසු ව නුඹලාව ආරක්ෂා කරන කිසිදු ආරක්ෂකයකු නුඹලා නොලබනු ඇත. විනාශයෙන් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවකු ද නුඹලා නොලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න