සූරා 17 · ජුස් 15
Al-Isra · 17:67
وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُونَ إِلَّا إِيَّاهُ ۖ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ الْإِنْسَانُ كَفُورًا
නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුළා වී යනු ඇත. ඔහු නුඹලා ව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහුය. තවද මිනිසා මහා ගුණමකුවකු විය.
තෆ්සීර්
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා සාගරයේ ගමන් කරන විට නුඹලා විනාශ වී යනු ඇතැයි නුඹලා බියවන තරමට යම් ව්යසනයක් හෝ පිළිකුල් සහගත දෙයක් හෝ නුඹලාට අත් වූ විට අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි දෑ නුඹලාගේ සිතුවිලිවලින් සැඟ වී යනු ඇත. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නුඹලාට මතක් නොවනු ඇත. එවිට නුඹලා ඔහුගේ උදව් පතනු ඇත. ඔහු නුඹලාට උපකාර කොට නුඹලා බියවන දැයින් නුඹලාට ආරක්ෂාව සලසා දෙයි. නුඹලා ගොඩ බිමට සේන්දු වූයෙහු නම් නුඹලා ඔහුගේ ඒකීයත්වය හා ඔහුට පමණක් කණ්ණලව් කිරීම ප්රතික්ෂේප කරන්නෙහුය. නැවතත් නුඹලාගේ පිළිම වෙත යොමු වන්නෙහුය. මිනිසා අල්ලාහ්ගේ ආශිර්වාද වලට දැඩි සේ ගුණමකු වන්නෙකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න