සූරා 17 · ජුස් 15

Al-Isra · 17:66

رَبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ ۚ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا

නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. නියත වශයෙන්ම ඔහු නුඹලාට මහා කාරුණික විය.

තෆ්සීර්

අහෝ ජනයිනි! ව්යාපාරික ලාබ හා වෙනත් ප්රතිලාභ තුළින් නුඹලා ඔහුගේ පෝෂණ සම්පත් සෙවීමේ යහපත් බලාපොරොත්තුවෙන් සාගරයේ නැව් නුඹලා වෙනුවෙන් යාත්රා කරවනුයේ නුඹලාගේ පරමාධිපතිය. මෙම මාධ්යයන් නුඹලාට පහසු කරදීමේදී සැබැවින්ම ඔහු නුඹලාට මහා කාරුණික විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න