සූරා 17 · ජුස් 15

Al-Isra · 17:64

وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِمْ بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ وَعِدْهُمْ ۚ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا

ඔවුන් අතුරින් නුඹේ හඬින් නුඹට හැකියාව ඇත්තන් පොලඹවා ගනු. ඔවුනට එරෙහි ව නුඹගේ අශ්වාරෝහකයින් හා නුඹගේ පාබල සේනාව විධිමත් කර ගනු. වස්තුවෙහි හා දරුවන්හි නුඹ ඔවුනට හවුල් වනු. තවද නුඹ ඔවුනට ප්‍රතිඥා දෙනු. ෂෙයිතාන් ඔවුනට රැවටීම මිස වෙනත් කිසිවක් පොරොන්දු නොදෙයි.

තෆ්සීර්

ඔවුන් අතරින් පාපය වෙත ඇරයුම් කරන, නුඹේ හඬින් නුඹට යටත් කළ හැකි අය යටත් කර ගනු. නුඹට යටත් වීම සඳහා ඇරයුම් කිරීමට අශ්වාරෝහකයින් හා පාබලයින් නුඹ නිවැරදි ලෙස සකසා ගනු. ෂරීආ පිළිවෙතට පටහැනි ව ඇති සියලු ගනු දෙනු අලංකාරවත් කරමින් ඔවුන්ගේ ධනයෙහි නුඹ ඔවුන් සමග හවුල් වනු. ඔවුන්ගේ දරුවන් යැයි බොරුවට වාද කරමින් ඔවුන් අනාචාරයේ යෙදවීමෙහි ද ඔවුනට නම් තබන අවස්ථාවේ අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් ඔවුන් නැමදුමට ලක් කිරීමෙහි ද නුඹ ඔවුන් සමග හවුල් වනු. බොරු ප්රතිඥා හා ව්යාජ පොරොන්දු ඔවුනට ඔහු අලංකාර කළේය. ඔවුන් රවටා දමන බොරු පෙරොන්දු මිස වෙනත් කිසිවක් ෂෙයිතාන් ඔවුනට ප්රතිඥා දෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න