සූරා 17 · ජුස් 15
Al-Isra · 17:62
قَالَ أَرَأَيْتَكَ هَٰذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إِلَّا قَلِيلًا
මට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහු ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකු ව හැර ඔහුගේ පරපුර මම (යහමගින්) ලිස්සා යෑමට සලස්වමි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
ඉබ්ලීස් තම පරමාධිපතිට, "ඔහුට සිරස නමා ආචාර කරන මෙන් ඔබ මට නියෝග කොට මට වඩා ඔබ ගෞරවය කළ මෙම මැවීම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද? මෙලොව ජීවිතය අවසාන වන තෙක් මා ජීවතුන් අතර ඔබ තබන්නේ නම් ඔවුන්ගේ දරුවන් මා නොමග යවමි. ඔබේ ඍජු මාර්ගයෙන් ඔවුන්ව දුරස් කරමි. නමුත් ඔවුන් අතර ඔබ ආරක්ෂා කළවුන්ගෙන් සුළුතරයක් හැර ඔවුහු නුඹේ අවංක ගැත්තෝ වෙති" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න