සූරා 17 · ජුස් 15
Al-Isra · 17:61
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا
නුඹලා ආදම්ට සුජූද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු අය) සුජූද් කළෝය. නුඹ මැටියෙන් මැවූ අයට මම සුජූද් කළ යුතු දැයි ඔහු(ඉබ්ලීස්) විමසුවේය.
තෆ්සීර්
අහෝ දූතය! නැමදුමක් ලෙස නොව ආචාර කිරීමක් ලෙස ආදම්ට සිරස නමන මෙන් අපි මලක්වරුන්ට කී අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුන් එය පිළිපැද සියල්ලෝම ඔහුට සිරස නමා ආචාර කළෝය. නමුත් ඉබ්ලීස් අහංකාරයෙන්, "ඔබ මා ගින්නෙන් මවා තිබියදී ඔබ පසින් මැවූ අයට මා සිරස නැමිය යුතු ද? සැබැවින්ම මම ඔහුට වඩා ශ්රේෂ්ඨය" යැයි පවසමින් ඔහුට සිරස නමා ආචාර කිරීමට ඔහු පිටුපෑවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න