සූරා 17 · ජුස් 15
Al-Isra · 17:60
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ ۚ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا كَبِيرًا
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන් වූ සිහිනය ද කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නොකළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනකක් ඔවුනට එය වර්ධනය නොකරනු ඇත.
තෆ්සීර්
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති බලයෙන් මිනිසුන් වටකරගෙන සිටින බවත් ඔවුන් ඔහුගේ ග්රහණයේ සිටින බවත් අල්ලාහ් ඔවුන්ගෙන් නුඹව ආරක්ෂා කරන්නා බවත් අපි නුඹට පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එහෙයින් කවර කරුණක් වෙත ඇරයුම් කරන මෙන් නුඹට නියෝග කරනු ලැබුවේ ද එයට ඇරයුම් කරනු. ඉස්රා රාත්රිය සත්යයක් ද එසේ නැතහොත් එය බොරුවක් ද යැයි මිනිසුන් සිතා බලනු පිණිස එය පරීක්ෂණයක් ලෙසින් මිස අපි ඔබේ දෑසට එය ඍජුව නො පෙන්වූයෙමු. අල්කුර්ආනයේ සඳහන් වන පරිදි නිරා පතුළේ හට ගැණෙන සක්කූම් නම් ගස ද ඔවුනට පරීක්ෂණයක් ලෙසින් මිස අපි ඇති නො කළෙමු. මෙම සංඥා දෙක විශ්වාස නො කළේ නම් ඒ දෙක හැර වෙනත් දෑ ද ඔවුන් විශ්වාස නො කරන්නේමය. සංඥාවන් පහළ කරමින් අපි ඔවුන් බිය ගැන්වූයෙමු. නමුත් එසේ බිය ගැන්වීමෙන් දේව ප්රතික්ෂේපය හා නොමග යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික කළේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න