සූරා 17 · ජුස් 15

Al-Isra · 17:59

وَمَا مَنَعَنَا أَنْ نُرْسِلَ بِالْآيَاتِ إِلَّا أَنْ كَذَّبَ بِهَا الْأَوَّلُونَ ۚ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا ۚ وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا

අප සංඥාවන් එවන විට පෙර සිටියවුන් ඒවා බොරු කිරීම මිස වෙනත් කිසිවක් අප ව වැළැක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝය. බිය වැද්දීමට මිස අපි සංඥාවන් නොඑවන්නෙමු.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ තැබූවන් ඉල්ලා සිටින පරිදි දූතයාණන් සත්ය බවට පෙන්වා දෙන, මිය ගිය ඇත්තන්ට යළි ජීවය දීම හා වෙනත් ප්රාතිහාර්යන් වැනි සංවේදනීය සළකුනු අප පහළ කිරීම අතැහැර දැමුවේ, සැබැවින්ම ඒවා පෙර සමූහයන්ට අපි පහළ කළ නමුදු ඔවුන් ඒවා බොරු කර සිටි බැවිණි. සැබැවින්ම සමූද් ජනයාට අතිමහත් පැහැදිලි ප්රාතිහාර්යයක් පිරිනැමුවෙමු. එය ඔටු දෙනයි. නමුත් ඔවුන් එය ප්රතික්ෂේප කළෝය. එවිට අපි ඔවුනට දඬුවම ඉක්මන් කළෙමු. එවන් ප්රාතිහාර්යයන් දූතවරුන්ගේ දෑතට අපි පිරිනැමුවේ ඔවුන්ගේ සමූහයා බිය ගැන්වීමටය. එවිට ඔවුන් අල්ලාහ්ට අවනත වන්නන් විය හැකිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න