සූරා 17 · ජුස් 15

Al-Isra · 17:58

وَإِنْ مِنْ قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا

කිසිදු ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නොසිටියෙමු. එය දේව ග්‍රන්ථයේ සටහන් කරනු ලබන්නක් විය.

තෆ්සීර්

දේවත්වය ප්රතික්ෂේප කරන ජනයා වාසය කරන කවර ගම්මානයක් හෝ නගරයක් හෝ වේවා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් මෙලොව ජීවිතයේ දඬුවම හා විනාශය පහළ කරන්නන් ලෙස හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් ඝාතනයට ලක් කිරීම තුළින් හෝ වෙනත් යම් ආකාරයකින් හෝ බලවත් දඬුවමකින් පරීක්ෂා කරන්නන් ලෙස මිස අප නැත. ඒ සියලු දඬුවම් හා විනාශයන් ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේ දේව නියමයක් ලෙස තීන්දු කරනු ලැබූවක් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න