සූරා 17 · ජුස් 15

Al-Isra · 17:57

أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا

ඔවුන් අයැද සිටින්නන් වන ඔවුහු ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා සමීප විය හැකි මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට එකිනෙකා බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි.

තෆ්සීර්

ඔවුන් ඇරයුම් කර සිටින මලක්වරුන් හා ඔවුන් වැන්නන් වනාහි, දැහැමි ක්රියාවන් තුළින් අල්ලාහ් වෙත තමන් සමීප කරවන දෑ සොයති. ඔවුන් අතර කවරෙකු හෝ යටත් වීමෙන් ඔහු වෙත වඩාත් සමීපතාවක් ලබන්නට තරඟ වදිති. ඔහු ඔවුනට ආශිර්වාද කිරීම ඔවුහු අපේක්ෂා කරති. ඔහු ඔවුනට දඬුවම් කිරීම ගැන ඔවුහු බිය වෙති. අහෝ දූතය! සැබැවින් නුඹේ පරමාධිපතිගේ දඬුවම ගැන ප්රවේශමින් සිටිය යුතුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න