සූරා 17 · ජුස් 15

Al-Isra · 17:56

قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَلَا تَحْوِيلًا

ඔහු හැර නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. නමුත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නොදරති.

තෆ්සීර්

අහෝ දූතය! මෙම ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. "අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! අල්ලාහ් හැර සැබැවින්ම දෙවිවරුන් යැයි නුඹලා දැඩි සේ විශ්වාස කරන්නන් වනාහි, නුඹලාට යම් උවදුරක් පහළ වන විට ඔවුන්ගේ නොහැකියාව හේතුවෙන් එම උවදුර නුඹලාගෙන් වලක්වන්නට ඔවුනට නොහැකිය. නුඹලා නොවන වෙනත් කෙනෙකුට පවරන්නට ද ඔවුනට නොහැකිය. හැකියාවක් නොමැත්තා දෙවියෙකු විය නොහැක."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න