සූරා 17 · ජුස් 15
Al-Isra · 17:55
وَرَبُّكَ أَعْلَمُ بِمَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَىٰ بَعْضٍ ۖ وَآتَيْنَا دَاوُودَ زَبُورًا
අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳ ව මැනවින් දන්නා නුඹගේ පරමාධිපතිය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකු ව සැබැවින්ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද් ට සබූර් (ග්රන්ථය) පිරිනැමුවෙමු.
තෆ්සීර්
අහෝ දූතය! ඔබේ පරමාධිපති අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ තත්ත්වයන් හා ඔවුනට උරුම වන දෑද මැනවින් දන්නාය. අනුගාමිකයින්ගේ බහුත්වය හා දිව්යමය ග්රන්ථ පහළ කිරීම පදනම් කර ගෙන ඇතැම් නබිවරුන් ඇතැමෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. දාවූද්ට සබූර් නම් දිව්යමය ග්රන්ථය අපි පිරිනැමුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න