සූරා 17 · ජුස් 15
Al-Isra · 17:54
رَبُّكُمْ أَعْلَمُ بِكُمْ ۖ إِنْ يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِنْ يَشَأْ يُعَذِّبْكُمْ ۚ وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ وَكِيلًا
නුඹලා පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතියාය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට කරුණාව දක්වනු ඇත. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට ඔහු දඬුවම් කරනු ඇත. තවද ඔවුන් වෙත භාරකරුවකු ලෙස අපි නුඹ ව නොඑව්වෙමු.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලා ගැන මැනවින් දන්නාය. නුඹලාගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නුඹලාට ආදරය කරන්නට අභිමත කරන්නේ නම් දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා නුඹලාට ඔහු ආශිර්වාද කරමින් ආදරය කරනු ඇත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවම් දෙන්නට අභිමත කරන්නේ නම් නුඹලාව දේව විශ්වාසයෙන් ඉවත් කොට දේව ප්රතික්ෂේපය මතම මියැදෙන්නට ඉඩ හරිමින් නුඹලාට දඬුවම් කරනු ඇත. අහෝ දූතය! දේව විශ්වාසය මත ඔවුනට බල කරන, දේව ප්රතික්ෂෙපයෙන් ඔවුන් වළක්වා ඔවුන්ගේ ක්රියාවන් ඔවුන් සඳහා සටහන් කර තබන භාරකරුවෙකු ලෙස සැබැවින්ම අපි ඔබ ඔවුන් අතරට නොඑව්වෙමු. ඔබගේ රාජකාරිය වනුයේ කවර කරුණක් අල්ලාහ් දන්වා සිටින මෙන් ඔබට අණ කර ඇත්තේ ද එය දන්වා සිටීම පමණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න