සූරා 17 · ජුස් 15
Al-Isra · 17:53
وَقُلْ لِعِبَادِي يَقُولُوا الَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ الشَّيْطَانَ يَنْزَغُ بَيْنَهُمْ ۚ إِنَّ الشَّيْطَانَ كَانَ لِلْإِنْسَانِ عَدُوًّا مُبِينًا
තවද වඩාත් අලංකාර වනුයේ කුමක් ද එය පවසන්නැයි මාගේ ගැත්තන්හට නුඹ පවසනු. නියත වශයෙන්ම ෂෙයිතාන් ඔවුන් අතර බෙදුම් ඇති කරයි. නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසාට ප්රකට සතුරෙකු විය.
තෆ්සීර්
අහෝ දූතය! මා විශ්වාස කළ මාගේ ජනයාට නුඹ මෙසේ පවසනු. ඔවුන් කතා කරන විට දැහැමි වදන ප්රකාශ කරති. හෙළා දකින ලද නපුරු වදනින් වැළකී සිටිති. නියත වශයෙන්ම ෂෙයිතාන් අවස්ථාවෙන් ප්රයෝජන ලබා ඔවුන්ගේ ලෞකික මෙන්ම මතුලොව ජීවිතයේ ඔවුන් වෙත කලහකම් කරමින් ඔවුන් අතර සැරසරයි. සැබැවින්ම ෂෙයිතාන් මිනිසාට පැහැදිලි සතුරෙකි එහෙයින් ඔහුගෙන් ප්රවේශම් විය යුතුයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න