සූරා 17 · ජුස් 15
Al-Isra · 17:52
يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا
ඔහු නුඹලා ව කැඳවන දින නුඹලා ඔහුගේ ප්රශංසාව තුළින් ප්රතිචාර දක්වනු ඇත. තවද ස්වල්ප කාලයක් මිස (මෙලොවෙහි) නුඹලා රැඳී නොසිටි බව නුඹලා සිතනු ඇත.
තෆ්සීර්
රැස් කරනු ලබන භූමිය වෙත නුඹලාට ඇරයුම් කරන දින අල්ලාහ් නුඹලාව යළි ගෙන්වා ගනු ඇත. ඔහුගේ නියෝගයට යටත්ව ඔහුට ප්රශංසා කරමින් නුඹලා පිළිතුරු දෙනු ඇත. නුඹලා ටික කලක් මිස භූමියේ රැඳී නොසිටි බව නුඹලා සිතනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න