සූරා 17 · ජුස් 15
Al-Isra · 17:51
أَوْ خَلْقًا مِمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَنْ يُعِيدُنَا ۖ قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰ أَنْ يَكُونَ قَرِيبًا
නැතහොත් නුඹගේ සිත් තුළ විශාල ලෙස මවා ගන්නා දැයින් වූ මැවීමක් හෝ වනු. එවිට අපව නැවත ගෙන එනුයේ කවුරුන්දැයි ඔවුහු විමසති. නුඹලා ව මුල් වරට මැවූ අය වේ යැයි නුඹ පවසනු. එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස් සොලවා එය කවදා දැයි විමසා සිටිති. එය සමීපයෙන් විය හැකැයි නුඹ පවසනු.
තෆ්සීර්
එසේ නැතහොත් නුඹලාගේ හදවත් තුළ බලවත් යැයි සිතන දෑ අතරින් ඒ දෙකටම වඩා බලවත් මැවීමක් බවට පත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලාව ආරම්භ කළා සේම නැවත ගෙන්වා ගන්නාය. ඔහු නුඹලා ව මුල් වරට මැව්වා සේම නුඹලාට යළි ජීවය දෙන්නාය. මෙම මුරණ්ඩුකරුවන්, "අප මිය ගිය පසු යළි අප ගෙන්වා ගන්නේ කවුදැ?"යි විමසා සිටිති. ඔවුනට නුඹ මෙසේ පවසනු. "කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මුල් වරට ඔහු නුඹලා ව මැව්වා සේම නැවත නුඹලාව සකසනු ඇත." නුඹ ඔවුන් වෙත දෙන පිළිතුරෙන් ඔවුහු ඔවුන්ගේ හිස් උපහාසයෙන් සොලවති. ඔවුන් දුරස් වී, "එම නැවත හැරීම කවදා දැ?"යි විමසති. "එය ඉතා සමීප ව ඇත. පැමිණෙන්නට ඇති සියලු දෑ ඉතා සමීපයෙන් පවතී" යැයි නුඹ ඔවුනට පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න