සූරා 17 · ජුස් 15
Al-Isra · 17:47
نَحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰ إِذْ يَقُولُ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا
ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සවන් දෙන්නේ ද ඒ පිළිබඳ ව මැනවින් දන්නේ අපය. ඔවුන් නුඹ වෙත සවන් දෙන විට ද ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නොකරන්නෙහුය’ යැයි අපරාධකරුවෝ පවසන විට ද ඔවුහු රහස් සාකච්ඡා වල නිරත ව සිටියහ.
තෆ්සීර්
අල් කුර්ආනයට සවන් දෙන ඔවුන්ගේ නායකයින්ගේ පිළිවෙත අපි මැනවින් දනිමු. ඔවුන් එමගින් යහමග ලබන්නට අපේක්ෂා නොකරති. නමුත් නුඹ පාරායනය කරන අවස්ථාවේ එය හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. අපරාධකරුවන් ප්රතික්ෂේපය නිසාවෙන් ඔවුනටම "අහෝ ජනයිනි! බුද්ධිය කැළඹුණු, හූනියම් කරන ලද මිනිසෙකු මිස නුඹලා වෙනත් කිසිවකු අනුගමනය නොකරන්නේයැ"යි ඔවුන් පවසන අවස්ථාවේ ඔවුන් රහසින් සාකච්ඡා කරන බොරුව හා වළක්වන්නට උත්සාහ කරන දෑ අපි මැනවින් දනිමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න