සූරා 17 · ජුස් 15

Al-Isra · 17:46

وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا

තවද ඔවුන් එය වටහා නොගන්නා අයුරින් ඔවුන්ගේ හදවත් මත අපි වහන්තරාවක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු. අල්කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කළ විට ඔවුන් (ඉන්) ඈත් වී ඔවුන්ගේ පසුපස ලා හැරී යති.

තෆ්සීර්

අල් කුර්ආනය ඔවුනට නොවැටහෙන සේ ඔවුන්ගේ හදවත් මත අපි ආවරණයක් ඇති කළෙමු. එයට ප්රයෝජනවත් ලෙස සවන් දීමට නොහැකි වන සේ බරක් ඔවුන්ගේ කන් තුළ ඇති කළෙමු. අල් කුර්ආනයේ ඔවුන්ගේ චූදිත දෙවිවරුන් ගැන නුඹ සඳහන් නොකර, නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කරන විට, ඔවුහු අල්ලාහ්ට පමණක් අවංක ව ඒකීයත්වය පුද කිරීමෙන් බැහැර ව පසුබැස හැරී යති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න