සූරා 17 · ජුස් 15

Al-Isra · 17:45

وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا

නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නොකරන්නන් අතර ආවරණය කරනු ලබන තිරයක් ඇති කළෙමු.

තෆ්සීර්

අහෝ දූතය! නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට එහි ඇතුළත් අවවාද හා උපදෙස්වලට ඔවුහු සවන් දෙති. ඔවුන් අල් කුර්ආනය ප්රතික්ෂේප කළ බැවින් ඔවුනට දඬුවමක් වශයෙන් අල් කුර්ආනය අවබෝධ කර ගැනීමට බාධා වන පරිදි නුඹ අතර හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන ඔවුන් අතර තිරයක් යොදන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න