සූරා 17 · ජුස් 15

Al-Isra · 17:44

تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ وَإِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَٰكِنْ لَا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

අහස් හත හා මහපොළොව ද ඒවායෙහි සිටින දෑ ද ඔහුව සුවිශුද්ධ කරයි. (ඒ) කිසිවක් හෝ ඔහුගේ ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ කරනු මිස නැත. නමුත් ඔවුන් සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා නොගන්නෙහුය. නියත වශයෙන්ම ඔහු දයාලුය. අති ක්ෂමාශීලීය.

තෆ්සීර්

අහස් අල්ලාහ් ව සුවිශුද්ධ කරති. මහපොළොව ද අල්ලාහ් ව සුවිශුද්ධ කරයි. එමෙන්ම අහස් හි හා මහපොළොවේ පවතින සියලු දෑ ද ඔහු ව සුවිශුද්ධ කරති. ඔහුව ප්රශංසාවෙන් ගුණගායනා නොකරන කිසිවක් නැත. නමුත් ඔවුන් සුවිශුද්ධ කරනුයේ කෙසේ දැයි නුඹලාට නොවැටහේ. නුඹලාගේ දිවෙන් නුඹලා සුවිශුද්ධ කිරීම මිස වෙනත් දෑ සුවිශුද්ධ කර සිටිනු නුඹලාට වටහා ගත නොහැක. සැබැවින්ම උත්තරීතර ඔහු සෙනෙහෙවන්තය. දඬුවම ඉක්මන් නොකරනු ඇත. ඔහු වෙත සමාව ඇයද යොමුවන්නන් හට අති ක්ෂමාශීලීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න