සූරා 17 · ජුස් 15

Al-Isra · 17:40

أَفَأَصْفَاكُمْ رَبُّكُمْ بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلَائِكَةِ إِنَاثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا

නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් තෝරා දී ඔහු මලක්වරුන් අතුරින් ගැහැනුන් ගත්තේ ද? නියත වශයෙන්ම නුඹලා අතිමහත් (භයානක) ප්‍රකාශයක් පවසන්නෙහුය.

තෆ්සීර්

සැබැවින්ම මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් බව වාද කරන්නනි! අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් විශේෂකොට දී ඔහු වෙනුවෙන් ගැහැණු දරුවන් තෝරා ගත්තේ ද? නුඹලා පවසන දැයින් අල්ලාහ් උත්තරීතරය. සැබැවින්ම නුඹලා අල්ලාහ්ට දරුවකු ආරෝපණය කොට ඉතා නපුරු ප්රකාශයක් ඔහු මත පවසා සිටින්නෙහුය. ඔහු ව දැඩි සේ ප්රතික්ෂේප කරමින් ඔහුට ගැහැණු දරුවන් ඇතැයි නුඹලා විශ්වාස කරන්නෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න