සූරා 17 · ජුස් 15

Al-Isra · 17:39

ذَٰلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا مَدْحُورًا

මෙය ප්‍රඥාවෙන් යුතු ව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු පත් නොකරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.

තෆ්සීර්

මේවා නුඹේ පරමාධිපති නුඹට දන්වා සිටි ප්රඥාවෙන් යුත් නියෝග, තහනම් නියෝග හා නීති රීති වෙති. අහෝ මිනිස! අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කෙනෙකු නොගනු. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹ නුඹටම දොස් නගමින් නිරයට හෙළනු ලබනු ඇත. මිනිසුන් ද නුඹට දොස් නගනු ඇත. සියලු යහපත් දැයින් ද නෙරපා හරිනු ලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න