සූරා 17 · ජුස් 15
Al-Isra · 17:36
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا
නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නොසිටිනු. නියත වශයෙන්ම ශ්රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය.
තෆ්සීර්
අහෝ ආදම්ගේ දරුව! නුඹ නොදන්නා දෑ අනුගමනය නොකරනු. එසේ අනුගමනය කරන්නේ නම් නුඹ අනුමානයන් හා සැකයන් අනුගමනය කරනු ඇත. තම ශ්රවණය, බැල්ම හා හදවත කවර යහපතක් සඳහා හෝ අයහපතක් සඳහා භාවිත වන්නේ ද ඒ ගැන සැබැවින්ම මිනිසා ප්රශ්න කරනු ලැබ යහපත සඳහා තිළිණ පිරිනමනු ලබන අතර අයහපත සඳහා දඬුවම් දෙනු ලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න